අනියම් පෙමත් සමග පලා ගිය බිරිඳට සැමියා විසින් බරපල දඩුවමක් දෙයි (PHOTOS & VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

අනියම් පෙමත් සමග පලා ගිය බිරිඳට සැමියා විසින් බරපල දඩුවමක් දෙයි (PHOTOS & VIDEO)

සිය විවාහක සැමියා හා දරුවන් අතහැර අනියම් පෙම්වතා සමග පලා ගිය කාන්තාවකට හා ඇගේ අනියම් සැමියාට නීත්‍යානුකූල සැමියා විසින් පිහියකින් ඇණ තුවාල සිදු කිරමේ පුවතක් ගල්නෑව ප‍්‍රදේශයෙන් වාර්ථා වනවා.

අදාල කාන්තාව 33 හැවිරිදි වියේ පසු වූ අතර ඇගේ අනියම් සැමියා 35 හැවිරිදි වියේ පසුව තිබෙනවා. අනියම් සැමියා හා කාන්තාව පසුගිය 30 වනදා ගල්නෑව පොලීස් ස්ථානය කරා පැමිණ තිබුනේ නීත්‍යානුකූල සැමියා වසින් ඔවුන් දෙදෙනාට එරෙහිව ගල්නෑව පොලීසියේ දමා තිබූ පැමිණිල්ලක් විභාග කිරිම සඳහායි.

එම විභාගය අවසානයේ කාන්තාව හා ඇගේ පෙම්වතා කුරූනැගල බලා බස් රථයකින් පිට ව ගොස් තිබූ අතර පොල්පිතිගම සාලියපුර ප‍්‍රදේශයේදී ඔවුන් දෙදෙනා ගමන් කළ බස් රථයට නැගුණු සැමියා විසින් සිය බිරිඳට හා ඇගේ පෙම්වතාට පිහියකින් ඇණ තිබේ. එහිදී කාන්තාවගේ හිසට හා දණහිසට දරුණු ලෙස පහර එල්ල කළ සැමියා ඇගේ පෙම්වතාට ද පිහිපහරවල් කිහිපයක් ඇණ බස් රථයෙන් පලා ගොස් තිබේ.

තුවාල කරුවන් බස් රථයෙන්ම පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන් ගේ තත්ත්වය ඉතා බරපතල බව රෝහල් බලධාරීන් පවසන අතරම සැකකාර සැමියා සොයා පොලීස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.




No comments:

Post a Comment

Post Bottom Ad