සංගා – මහේල හා ඇන්ජලෝගේ ෆේස්බුක් පිටුවලින් චාලි ඔස්ටින් ගැන හෙළිවු අලුත්ම දේ (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

සංගා – මහේල හා ඇන්ජලෝගේ ෆේස්බුක් පිටුවලින් චාලි ඔස්ටින් ගැන හෙළිවු අලුත්ම දේ (PHOTO)

සමාජජාලා මාධ්‍ය වල මේ දිනවල අතිශය කතාබහට ලක් වන මාතෘකාවක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පසුපස සැගවුනු කළමණාකරුවන්ගේ අදිසි හස්තයයි. හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ගේ පෞද්ගලික කළමණාකරු ලෙස ක්‍රියා කල චාලි ඔස්ටින් නම් එංගලන්ත ජාතිකයෙකු පිළිබද පළ වන පුවත් නිසා ක්‍රිකට් රසිකයන්ගේ අවධානය මේ මාතෘකාව කෙරෙහි යොමු වී තිබෙනවා.

චාලි ඔස්ටින්ගේ ඔස්ටින් මැනේජ්මන්ට් ආයතනය මේ වනවිට නායක ඇන්ජලො මැතිවුස් ඇතුලු ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහො ක්‍රිඩකයන්ගේ පෞද්ගලික කළමණාකරුවා ලෙස කටයුතු කරනවා. ඔස්ටින් මැනේජ්මන්ට් ආයතනය විසින් කණ්ඩායමේ නියෝජනය කරනා සිය ක්‍රිඩකයන් ලවා තේරීම් වලට බලපෑම් එල්ල කරන බවත් , ඔස්ටින් මැනේජ්මන්ට් ආයතනය හා සම්බන්ද නොවෙනා ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කිරීමටද තමන් සන්තකයේ සිටිනා බලවත් ක්‍රීඩකයන් යොදා ගන්නා බවටද චෝදනා එල්ලව තිබෙනවා.

තමන් සමග ගිවිසුම් ගත ක්‍රිඩකයන්ගේ සමාජජාලා ගිණුම් පාලනය කිරීමද ඔස්ටින් මැනේජ්මන්ට් ආයතනය මගින් සිදු වන බවටද සමාජජාලා මාධ්‍යවල සදහන්ව තිබු අතර හිටපු නායකයන් වන කුමාර් සංගක්කාරගේ සහ මහේල ජයවර්දනගේ සහ වත්මන් නායක ඇන්ජලෝ මැතිවුස් ගේ නිළ ෆේස්බුක් පිටු අප පරීක්ෂා කර බැලුවා. එහි ක්‍රිඩකයන්ගේ ලිපිනය ලෙස සදහන් වූයේ ඔස්ටින් මැනේජ්මන්ට් ආයතනයේ ලිපිනයයි. කෙසේ වෙතත් සංගා සහ මහේල සිය නිළ ට්විටර් ගිණුම් හරහා මින් පෙර ප්‍රකාශ කර තිබුනේ චාලි ඔස්ටින් පිළිබද චෝදනා හුදෙක් කටකතා පමණක් බවයි.

එම ගිණුම්වල ලිපින දිස්වූ අයුරු පහතින්...

 

 


 


 
-nethgossip

No comments:

Post a Comment

Post Bottom Ad