ISIS සුන්නද්දුලි වීමට තව පැය කිහිපයයි.ඉරාක හමුදාව ජය සමරයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

ISIS සුන්නද්දුලි වීමට තව පැය කිහිපයයි.ඉරාක හමුදාව ජය සමරයි.

ඉරාකයේ මොසුල් නගරයේ IS බලය වේගයෙන් බිඳ වැටෙමින් පවතින බවත්, ඉරාක හමුදා තව පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම බලය අත්පත් කරගනු ඇති බවත් විදෙස් වාර්තා පවසයි. 

මේ වනවිට නගරයේ සමස්ත බලය අල්ලා ගැනීම සඳහා මීටර් කිහිපයක වපසරියක් පමණක් පවතින බවද විදෙස් වාර්තා පවසයි. මේ අතර, ඇතැම් ඉරාක හමුදා භට පිරිස් නර්තනයේ යෙදෙමින් මෙම ජයග්‍රහණයට සූදානම් වන ආකාරයද දැකගත හැකිය. කෙසේ වෙතත්, සම්පූර්ණයෙන්ම බලය අත්පත් කරගැනීමක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත. පසුගිය වසරේ ඔක්තෝබර් 17 වැනිදා සිට ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්‍රහාරක බලයේ ආධාර ලබමින් ඇරඹි මෙම ප්‍රහාරය සඳහා ගොඩබිම් හමුදාව ලෙස මූලිකව ඉරාක රජයේ හමුදා සම්බන්ධ විය.


ඒ අතර, දහස් ගණනක් වූ ඉරාක රජයේ හමුදා, කුර්දිෂ් පෙෂ්මෙර්ගා සටන්කාමීන්, සුන්නි අරාබි ගොත්‍රික සටන්කාමීන් සහ ෂියා සටන්කාමීන් ගොඩබිම් හමුදා ලෙස පෙරමුණු කිහිපයකින් සටනේ යෙදුණු අතර, ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවේ ගුවන් යානා, ආරක්ෂක උපදේශකයන් මොසුල් යළි අත්පත් කරගැනීමේ මෙහෙයුමට සම්බන්ධ විය. මේ අතර, නැගෙනහිර මොසුල් නගරයේ සම්පූර්ණ බලය සියතට ගැනීම පසුගිය ජනවාරි මාසයේදී ඉරාක රජයේ හමුදා ප්‍රකාශයට පත්කළ අතර, බටහිර අත්පත් කරගැනීමේ මෙහෙයුම් එතැන් සිට ඇරඹුණි.

මේ වන විට ඉරාක හමුදාව ජය සැමරු අයුරු පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad