රන්ජන් පරද්දන්න සේනක ආපසු ඇවිත් කරන්න යන Gladiator වැඩේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

රන්ජන් පරද්දන්න සේනක ආපසු ඇවිත් කරන්න යන Gladiator වැඩේ

දඬුබස්නාමානයෙ සටන් නළුවා දැන් ගොඩක් වෙනස් වෙලා. මේ ඔහු සමඟ කළ කතාබහක්

සේනක අලුත් වෙලා?

ඔව්, හැමදාම සේනකව දැක්ක විදියට වඩා වෙනස් විදියට සේනක අලුත් වුණා.

අලුත් වෙන්නේ ලොකු පිනුමක් ගහන්න කියලා ආරංචියි?

මම මගේ කොන්ඩේ කපලා රැවුල වැව්වේ මගේ දෙවැනි චිත්‍රපටය “ආදරණිය අමන්දා ” වෙනුවෙන්.

නළුවෙක් ශරීරය ගැනත් ගොඩක් හිතන්න ඕනෑ නේද?

අපොයි ඔව්. මම ලංකාවට ආපහු එනකොට මගේ බර කිලෝ අනූ පහයි. දැන් බර කිලෝ හැත්තෑ පහයි. මුලින් මේඝ හදද්දීත් මට ඒ වෙනස කරන්න බැරි වුණා. හැබැයි මං මේ පාර ඒ වෙනස කළා. රැවුල වැව්වට නම් මගේ පුතා කැමැති නෑ.

අලුත් පරම්පරාවේ අය සේනකට චැලේන්ජ් එකක්ද ?

එකට මට දෙන්න තියෙන්නේ මහේම උත්තරයක්. ටොම් කෘස් තවමත් රඟපාන්නේ. මට මෙහෙ අලුත් අයත් එක්ක තරඟයක් නැහැ. අදටත් රන්ජන් රමාණයකට පස්සේ ලංකාවේ සිනමාවට වීරයෙක් බිහිවුනේ නැහැ.

සේනක අලුත් අයටත් ඉඩ දෙනවද ?

ඔව්, එත් සමහර අය චිත්‍රපටයකට කතා කලාම පොලු තියනවා. මේ දවස්වල ජනප්‍රිය රංගන ශිල්පිනියක් “මේඝ” චිත්‍රපටයට කතා කරලා ඕකේ වෙලා මොබයිල් ආන්සර් නොකර ඉන්නවා. ඇහුවම කිව්වේ ආපු නැති හේතුව කිව්වොත් දුක හිතෙයිලු. තව නළුවෝ දෙන්නෙක් ඒ විදියට පොලු තිබ්බා.

ඉතිං ඔච්චර කල් සේනක මොකද කළේ ?

මං දේශපාලනය හින්දා විහිං ගෙල සිඳගත්ත නළුවෙක්. ආපහු ඒ දේවල්වලට නම් අහුවෙන්නේ නෑ.

දැන් පරක්කු වැඩි නැද්ද ?

මෙහෙමයි, මම දැන් අවුරුදු දෙකකට චිත්‍රපට දහයක් හදන උත්සාහයක ඉන්නේ “මේඝ” ආදරණිය අමන්දා, වගේම තුන්වැනි චිත්‍රපටය ‘රෝස සිහිනය ‘ මේ චිත්‍රපටයට පසු ෂූටින් පටන් ගන්නවා.

මේ වෙනකොට ඇක්ෂන්, ;ත්‍රිලර්, horror රැල්ලක් ඇවිල්ලා නේද ?

රැල්ල කියලා නිෂ්පදකයෙක්ගේ ලක්ෂ දෙසීය තුන්සීය වියදම් කරන තැන මම නැහැ. කවදාහරි සිනමාවෙන් ඉවත් වෙන්න කලින් ග්ලෑඩියේටර්’ වගේ චිත්‍රපටයක් හදනවා.

ආදරණීය අමන්දා නිෂ්පාදනයට උදවු කළ අය මතක් කරමු නේද ?

නිල්රෝයි ප්‍රනාන්දු, උපුල් ලාල් වික්‍රමසිංහ වගේම ඒ අය සම්බන්ධීකරණය කළ මාදුළුවාවේ ධම්මික හිමි, උපුල් විතාන මතක් කරනවා.

ටෙලි නාට්‍යයකුත් හදන්න හිතන් ඉන්නවලු නේද ?

ඔව්. ළඟදීම සටන් කලාව ගැන ධවාග්නි කියලා නාට්‍යයක් හදනවා.

(ජනයුගය – 2017.07.08)

No comments:

Post a Comment

Post Bottom Ad