ETF පරිගණක ජාලයම අක්‍රීය වෙයි - සාමාජිකයන්ගේ සියලු කටයුතු අත්හිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

ETF පරිගණක ජාලයම අක්‍රීය වෙයි - සාමාජිකයන්ගේ සියලු කටයුතු අත්හිටුවයි

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් (ඊ.ටී.එෆ්) මණ්ඩලයේ සමස්ත පරිගණක ජාලයම අක්‍රීය වී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් සාමාජිකයන්ට අදාළ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.

ඒ අනුව අයදුම්පත් බාරගැනීම, චෙක්පත් නිකුත් කිරීම, සාමාජික තොරතුරු දැනගැනීම ඇතුලු සියලු කටයුතු අත්හිටුවා තිබේ. මෙම අරමුදලේ සාමාජික ගිණුම් සංඛ්‍යාව මිලියන 12.4 කි. හැකි ඉක්මණින් පරිගණක පද්ධතිය යථා තත්වයට පත්කරන බව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad