වටපිට නොබලා පාරට දොර හරින්න ගොස් සිදුවූ මහ විපතක් CCTV

මහාමාර්ගය අසළ නවතා තිබුණ SUV වර්ගයේ ජීප් රථයක දොර අපරීක්ෂාකාරී ලෙස මාර්ගය පැත්තට විවෘත කිරීමට යාමේදී ආසන්නයෙන් ගිය මෝටර් සයිකලයක හැපී එය වැටී එහි ගමන් කළ තරුණියක විසිව ගොස් ආසන්නයෙන් ගමන් කළ ලොරියකට යටවී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ කිරිබත්ගොඩ ගාල ප්‍රදේශයේදී වාර්තා විය.

සිය පෙම්වතා සමග මෝටර් සයිකලයේ පසුපස ආසනයේ ගමන් කරමින් සිටියදී ඇය මියගිය අතර සයිකලය පැදවූ පෙම්වතාට සිදුවූයේ සුළු තුවාල පමණි. මෙලෙස මියගොස් ඇත්තේ බෙම්මුල්ල පදිංචි නීතා ගමගේ නමැති තරුණියක බවද පසුව වාර්තා විය. ආසන්නයේ වෙළෙඳ සැලක සවිකර තිබුණ සීසීටීවී කැමරාවක මෙම සිද්ධිය සටහන්ව තිබුනේ පහත පරිදිය.






Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment