ශ්‍රී ලංකා පරාජයෙන් පසු සූරියවැව ගැටුමක් - පුද්ගලයෙකු රෝහලේ - දෙදෙනෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

ශ්‍රී ලංකා පරාජයෙන් පසු සූරියවැව ගැටුමක් - පුද්ගලයෙකු රෝහලේ - දෙදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ  පැවැති 4 වන එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුව දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. ක්‍රීඩාංගනයෙන් පිටත අදාළ ගැටුම හට ගෙන ඇත්තේ තංගල්ල සහ සූරියවැව යන ප්‍රදේශවල පදිංචි දෙපිරිසක් අතරයි. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති නමුත් ඔහු මේ වන විට රෝහලෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගැටුමට සම්බන්ධ දෙදෙනෙකු මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර, දුර්වල පන්දු යැවීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති 4 වන එක්දින ක්‍රිකට් තරගය පරාජයට පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා. මේ අතර ඊයේ තරඟයේ දී නියමිත කාලයට පන්දුවාර යවා නිම නොකිරීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලය සඳහන් කළේ නායක ග්‍රෑම් ක්‍රීමර්ට තරග ගාස්තුවෙන් සියයට 20ක් සහ සෙසු ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් සියයට 10ක් දඩ වශයෙන් නියම කර ඇති බවයි. දෙරට අතර පැවැත්වෙන පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට හම්බන්තොට දී ම පැවැත්වීමට නියමිතයි.

4 වන එක්දින ක්‍රිකට් තරගය.... 




No comments:

Post a Comment

Post Bottom Ad