ආණ්ඩුවට එරෙහිව ජනතාව එක්ක පාරට බහිනවා..- රතන හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

ආණ්ඩුවට එරෙහිව ජනතාව එක්ක පාරට බහිනවා..- රතන හිමි

ජනමත විචාරණයට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධන සිදු නොකරන බවට ජනපතිවරයා දුන් පොරොන්දුව කඩකරමින් අලුත් ව්‍යවස්‌ථා ගෙන ඒමට ආණ්‌ඩුව කටයුතු කළහොත් එය පරාජය කිරීමට ජනතාව සමඟ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

මේ ආණ්‌ඩුව බලයට ගෙන ඒමට තමා ඇතුළු භික්‌ෂුන් වහන්සේලා රැසක්‌ විශාල කැපවීමක්‌ කළ නමුත් ඩොලර් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධානවල කිහිප දෙනකුගේ අවශ්‍යතා මත ආණ්‌ඩුව අලුත් ව්‍යවස්‌ථා ගෙන එමින් රට අස්‌ථාවර කිරීමට උත්සාහ දරන බවද මේ තත්ත්වයට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවද කොළඹ පැවැති ලංකා ජාතික මහා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රතන හිමියෝ කියා සිටියහ.

ව්‍යවස්‌ථාවේ යම් යම් සංශෝධන සිදුකිරීමට විරුද්ධ නැතැයිද වහාම මැතිවරණ ක්‍රමය වෙනස්‌ විය යුතු බවද කී උන්වහන්සේ රජය පොරොන්දු වූ පියවර වහාම ගත යුතු බවද කීහ. යුද්ධයෙන් අවතැන් වූ ලක්‌ෂ ගණනක්‌ උතුරේ වැසියන් යළි පදිංචි කරවීමට ඉකුත් රජය කටයුතු කළත් ඉතිරි 7500 ක්‌ පමණ දෙනා යළි පදිංචි කරවීමට වසර දෙකක්‌ ගතවීත් මේ ආණ්‌ඩුවට නොහැකි වී ඇති බවද එම වැසියන් හොඳ නිවාසවල පදිංචි කර උතුරේ වැසියන්ගේ කෘෂිකර්මය නඟා සිටුවා ආර්ථික ශක්‌තිය ඇති කර භාෂා ප්‍රශ්නය විසඳීමට ක්‍රියා කළ යුතු බවද ඒ සඳහා ව්‍යවස්‌ථා සංශෝධන අවශ්‍ය නැති බවද රතන හිමියෝ සඳහන් කළහ.

– දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad