සාගලගේ ඇමැතිකම පවරා ගන්නැයි එජාප ඇමැති පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

සාගලගේ ඇමැතිකම පවරා ගන්නැයි එජාප ඇමැති පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි

නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා යටතේ ඇති නීතිය හා සාමය පිළිබඳ වගකීම ඉවත් කර එය පවරා ගන්නා ලෙස එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය ආණ්ඩුව සමයේ සිදුව ඇති බව කියන වංචා දුෂණ සම්බන්ධයෙන් කිසිවෙකුට දඩුවම් නොකිරීම මෙන්ම ඒවා මෙතෙක් ඔප්පු කිරීමට හැකියාව නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගන්නා ලෙස එම මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ. දුෂිතයින්ට දඩුවම් දෙන බවට පොරොන්දු වූ ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇතැයිද එම පිරිස ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad