ශ‍්‍රී ලංකාව යලිත් අමාරුවේ.. සිම්බාවේ පරදන්න නම් වාර්තාවකුත් තියන්න වෙයි..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. ලකුණු 388ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුලූ 03ක් දැවි ලකුණු 170ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 60ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17ක් ලබා සිටිනවා. දිමුත් කරුණාරත්න ලකුණු  49කට දැවී ගියා. නායක දිනේෂ් චන්දිමාල් රැස් කළේ ලකුණු 15 ක් පමණයි. උපුල් තරංග ලකුණු  27කට දැවී ගියා. තරගය පැවැත්වෙන්නේ කොළම ආර් පේ‍්‍රමදාස ක‍්‍රිඩාංගණයේදීයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment