දඹුලු ලෙන් විහාරය වසා දමයි

ඵෙතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටත් එම ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු වහාම ආරම්භ කිරීමටත් පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය ඊයේ(10) ඒකමතිකව තීන්දුවකට එළැඹ තිබේ.

ඒ අනුව දඹුලු ලෙන් විහාර සංරක්ෂණය නැවත දැනුම්දෙන තුරු දෙස් විදෙස් සංචාරකයින්ට වසා තැබීමට ද පුරා විද්‍යා උපදේශක මණ්ඩලය තීන්දු කර ඇත.අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද(10) රැස්වූ පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය මෙම තීන්දුව ගෙන ඇත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment