ආණ්ඩුව පාඩුු විදිමින් ජනතාවගේ බඩගිනි නිවන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

ආණ්ඩුව පාඩුු විදිමින් ජනතාවගේ බඩගිනි නිවන්න යයි

පසුගිය කාලය තුළ පැවති දැඩි නියඟය නිසා වී නිෂ්පාදනය පහළ බැසීම හේතුවෙන් සහල් මිල ඉහළ ගිය ද තවදුරටත් වෙළෙඳපොළ තුළ දේශීය සහල් මිල ඉහළ ගියහොත් පිටරටින් සහල් ගෙන්වා ආණ්ඩුව පාඩු ලබමින් හෝ එම සහල් සහන මිලට රටේ ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (10) පෙරවරුවේ පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. සහල් මිල කෙතරම් ඉහළ ගිය ද ආණ්ඩුවේ ලොක්කන්ට එය නොපෙනෙන බවට පසුගියදා ජාතික පුවත්පතක පළවී තිබූ වාර්තාවක් ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ සාමාන්‍ය පවුලකින් පැමිණි ජනතාවගේ දුක, වේදනාව හඳුනන නායකයෙකු ලෙස තමා සියලු කටයුතු සිදු කරන්නේ එම අත්දැකීම සමග බවත් රටේ ජනතාව කුසගින්නේ තැබීමට තමා කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවත්ය.

වත්මන් රජය යටතේ අද රටේ සමාජ, ආර්ථික, දේශපාලන සියලු ක්ෂේත‍්‍රවල පරිවර්තනීය වෙනසක් සිදු වෙමින් පවතින අතර, කුමන අභියෝග පැමිණිය ද එම වැඩපිළිවෙළ අධිෂ්ඨානශීලීව ඉදිරියටම ගෙන යන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad