අම්පාර මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ වරාපිටිය මහ විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් එම පාසලේ සිසුන් 30දෙනකු ඉකුත් මැයි පළමු වැනි දා කොළඹ බි.ආර්.සි පිටියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට සහභාගි කරවීයැයි කියන සිද්ධියක් ගැන මහඔය අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම මැයි රැළියට සහභාගි වු දරුවකුගේ පියෙකු විසින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත. එම පාසලේ ගුරුවරුන් තිදෙනකු මෙම සිසුන් රැගෙන ගිය බවට රුළියට සහභාගි වු සිසු සිසුවියන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ලබාදුන් ලිපියේ සදහන් වි තිබේ. එම දරුවන්ගෙන් ආහාර සඳහා රුපියල් 200ක්ද අය කරගෙන ඇතැයි ද එහි සඳහන්ය. අප්‍රේල් 30 වැනි දා පස්වරුවේ කොළඹ බලා පිටත්ව වී ඇති සිසුන් පසුදින අලූයම කොළඹට පැමිණි පසුව විහාරස්ථානයක ලැගුම් ගෙන තිබෙන බවත්, ඉන්පසුව තමන් ජනතා විමුක්ති මැයි රැළිය ආරම්භක ස්ථානය වෙත රැගෙන ගොස් රතු තොප්පි ලබා දි මැයි පෙළපාලියට සහභාගි කර ගත් බවත් සිසුන් ඉදිරිපත් කරන ලද ලිපියේ සදහන් වී ඇත.
වරාපිටිය විදුහලේ විදුහල්පති සේනක බංඩාර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ සිසුන් රැගෙන යන බව තමන් නොදන්නා බවත් මේ ගැන සියලූ තොරතුරු මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම් දුන් බවත් ය. මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.බී. ධර්මදාස පැවසුවේ වරාපිටිය ගම්මානයේ දෙමව්පියන්ගෙන් ලැබුණු තොරතුරක් මත තමන් මේ ගැන පරීක්ෂණයක් කිරීමට වරාපිටිය විදුහලට ගිය අවස්ථාවේ ගුරුවරයකු පොල්ලකින් තමන්ට පහර දීමට පැමිණි බවයි.
පසුව තමන් 119 දුරකථන අංකයට දැනුම් දි මහ ඔය පොලීසියෙන් පැමිණි පසු මේ ගැන සිසුන්ගෙන් ලිඛිත සටහන් ලබාගත් බවත් ඒ මහතා පැවසීය.මෙම ගුරුවරයාගෙන් ලැබුණ විරෝධය නිසා පරීක්ෂණ කටයුතු තාවකාලිකව නවතා ඇති බවත් මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම්වරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවත් ඒ මහතා කීවේය. මේ ගැන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු මගින් පරීක්ෂණයක් කර ඇති බවත් ඔහුගේ වාර්තාව පැමිණි පසු මේ සම්බන්ධයෙන් විනයාණුකුල පියවරක් ගන්නා බවත් නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් අසංක අබේවර්ධන මහතා පැවසීය.
වසන්ත චන්ද්‍රපාල – අම්පාර
ලංකාදීප
Wednesday, July 12, 2017
Home
දේශපාලන පුවත්
අනුන්ගේ කුණුම හොයන ජවිපෙ රෙදි හැදී දිය ලණුවත් වැටේ.. පාසැල් සිසුන් මැයි රැළියට ගෙන්වලා.. දෙමවුපියන් පැමිණිලි කරති..
අනුන්ගේ කුණුම හොයන ජවිපෙ රෙදි හැදී දිය ලණුවත් වැටේ.. පාසැල් සිසුන් මැයි රැළියට ගෙන්වලා.. දෙමවුපියන් පැමිණිලි කරති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment