විග්නේශ්වරන්ගෙන් උතුරේ පොලිස් ලොක්කන්ට හදිස්සි කැඳවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

විග්නේශ්වරන්ගෙන් උතුරේ පොලිස් ලොක්කන්ට හදිස්සි කැඳවීමක්

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ සිවිල් පරිපාලනය විධිමත් කරවීම සඳහා සියලුම පොලිස් නිලධාරී විශේෂ හමුවක් උතුරු පළාත් සභාවේදී පැවත්විණි.

මෙම සාකච්ඡාවේදී මූලික වශයෙන් සාකච්ඡා වී ඇත්තේ යාපනයේ ක්‍රියාත්මකවන වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා ආකාරය හා වැලි ප්‍රවාහනකරුවන් හට ලබා දෙන බලපත්‍රවලට අමතරව වැඩි වශයෙන් වැලි ප්‍රවාහනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇත. ඊට අමතරව යාපනයේ ක්‍රියාත්මක ආයුධ කල්ලි සම්බන්ධයෙන්ද සාකච්ඡා කොට ඇති අතර එහිදී අදාළ කල්ලි සඳහා තරුණයින් සම්බන්ධ වීම හා ඔවුන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත් යන කාරණා නැවත්වීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කොට ඇත. 

තවද යාපනයේ පොලිස් ස්ථාන කිහිපයක් පෞද්ගලික ඉඩම්වල පිහිටා තිබීම නිසාවෙන් එම පොලිස් ස්ථාන ප්‍රාදේශීය සභා හරහා වෙනත් ස්ථාන වෙතට රැගෙන යාමටත් සාකච්ඡා කොට ඇති අතරම යාපනයේ දැන සිටින රැකියා විරහිත උපාධිධාරීන්ට පොලිස් දේපාර්තමේන්තුවේ උසස් නිලයන් යටතේ බඳවා ගැනීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන්ද මෙහිදී උතුරු මහඇමතිවරයා හා පොලිස් නිලධාරීන් සාකච්ඡා කොට ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad