සුනඛයින් මරා දැමුණ කේරල පින්තූර අන්තර්ජාලය රවටද්දී මොරටු සරසවියේ සුනඛ ඝාතන ගැන උප කුලපතිතුමාගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

සුනඛයින් මරා දැමුණ කේරල පින්තූර අන්තර්ජාලය රවටද්දී මොරටු සරසවියේ සුනඛ ඝාතන ගැන උප කුලපතිතුමාගෙන් ප්‍රකාශයක්


මේ දිනවල අන්තර්ජාලයේ ව්‍යාප්තව තිබෙන මොරටු සරසවියේ සුනඛ සංහාරයක් ගැන තොරතුරු සමග ඡායාරූප කිහිපය සත්ව අවිහිංසාවාදීන්ගේ අවධානයට ලක්ව තිබේ. මේ ගැන ඇත්ත නැත්ත නොදැන ඒවා හුවමාරු කරන අතරවාරයේ ඒ පුවත ගැන මොරටු සරසවියේ උපකුලපතිවරයා විසින්ද පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා ඒ ගැන මෙසේ කියයි.

‘අන්තර්ජාලයේ පැතිරෙන ඡායාරූප මොරටු සරසවියට අදාළ ඒවා නොවෙයි. විශ්ව විද්‍යාල භූමියේ සිටි අයාල සුනඛයන් 10 -15 පමණ ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයට අයිති වෙනත් පරිශ්‍රයකට ගෙන ගොස් දැමීමක් සිදු කළ බව ඇත්තක්. ඒ සඳහා නිර්වින්දනය කිරීමේ දී එම ඖෂධ මාත්‍රාව වැඩි වීමෙන් අත්වැරදීමකින් සතුන් දෙදෙනෙකු මියගිය බවත් ඇත්තක් නමුත් සුනඛ සංහාරයක් සිදුව නැහැ. මීට වර්ෂ 4 කට පමණ පෙර විශ්ව විද්‍යාල භූමිය තුළ සුනඛයන් 170 පමණ ප්‍රමාණයක් සිටියා.


එමගින් පවිත්‍රතා ගැටලු, සෞඛ්‍ය තර්ජන, සුනඛ සපා කෑම් වලට ලක්වීම් සහ දේපල වලට හානි පැමිණීම පවා සිදුවුණා. විශ්ව විද්‍යාලය සුනඛයන්ගෙන් තොර කලාපයක් බවට පත්කිරීමට ගතවූ වසර කිහිපය තුළ මා මහත් පරිශ්‍රමයක් ගත්තා. පසුගිය කාලයේ නැවතත් සුනඛයන් 10 -15 ක  පමණ ප්‍රමාණයක් සරසවි බිම තුළ සිටීම මත සත්ව හිංසනයකින් තොරව ඔවුන් ඉවත් කිරීමේ වගකීම විශ්ව විද්‍යාලීය ආරක්ෂක අංශය වෙත පැවරූ පසු ඔවුන් එම සුනඛයන් නිර්වින්දනය කිරීම පිණිස ‘කෙටමීන්’ නම් නිර්වින්දක ඖෂධය භාවිතා කළා.

එම ඖෂධ මාත්‍රාව වැඩි වීමෙන් සුනඛයන් දෙදෙනෙකු මිය ගොස් ඇති ප්‍රවෘත්තිය පමණක් සත්‍යයක්. මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයක් ආරම්භකර තියනවා. ඒත් විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට හානි කරමින් අන්තර්ජාලයේ පළව ඇතිවැරදි දේ ගැන කණගාටු වනවා.‘ මේ ගැන වැඩිදුර සොයා බැලීමේදී වාර්තා වූයේ පණ අදිමින් සිටින සුනඛයෙකුගේ වීඩියෝව සත්‍යයක් වන නමුත් අන්තර්ජාලයේ ගූගල් ඉමේජ් සර්ච් කළ විට ලැබෙන ඉන්දියාවේ කේරලයේ සුනඛයින් මියගිය ඡායාරූප එක්කර වැරදි තොරතුරු සමාජ ජාල තුළ ප්‍රචාරය කර ඇති බවයි.

සමාජ ජාලා පිටු අතර පැතිර ගිය නොමග යවනසුලු ඡායාරූප පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad