ඩෙංගු ආරක්ෂාවට පාසල් සිසුන්ට ඇඟ වැහෙන ඇඳුම් අඳින්න අවසර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

ඩෙංගු ආරක්ෂාවට පාසල් සිසුන්ට ඇඟ වැහෙන ඇඳුම් අඳින්න අවසර

ඩෙංගු අවදානම් කලාපවල පාසල් සිසුවියන්ට නිල ඇඳුමට අමතරව ශරීර වැඩි වශයෙන් ආවරණය වන පරිදි සුදුසු ඇඳුමක් භාවිතයට හා පහළ ශ්‍රේණිවල සිසුන්ට දිග කලිසම් ඇඳීමට මේ කාලයේ අවසර ලබාදෙමින් චක්‍රලේකයක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

වැඩි වශයෙන් ඩෙංගු වැළඳී ඇති පාසල් ළමයින් අතරින් බහුතරය ශිෂ්‍යාවන් හා කොට කලිසම් අඳින ශිෂ්‍යයන් බව හඳුනා ගැනීමෙන් පසු රටේ ඩෙංගු උවඳුර බහුලව පවතින ප්‍රදේශයන්හි තාවකාලික විසඳුමක් ලෙස මේ තීරණය ගත් බවත් කාරියවසම් මහතා පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ ප්‍රදේශවල කොට කලිසම් අඳින පිරිමි දරුවන් සඳහා දික් කලිසම් හා ගැහැණු දරුවන් සඳහා විධිමත් ඇඳුමක් යොජනා කර ඇති බවත් ඒ සඳහා අදාළ චක්‍ර ලේඛනය ඉදිරියේ දී පාසල් වෙත යොමු කරන බවත් කීය. ජල හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ වැඩසටහන සඳහා තෝරාගත් පාසල් වෙත මුදල් ප්‍රදානය කිරීම සඳහා අපේ ගම පරිශ්‍රයේ පෙරේදා (04) පැවැති උත්සවයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad