හොරෙන් ගල් කැඩූ මහින්ද රාජක්ෂගේ රියදුරු හිරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

හොරෙන් ගල් කැඩූ මහින්ද රාජක්ෂගේ රියදුරු හිරේ

රජයේ දේපළ අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ඇතුළු දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ බවට වාර්තා වේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩමක නීති විරෝධී ආකාරයට ගල් කොරියක් පවත්වාගෙන යාම තුළින් රජයට රුපියල් දෙකෝටි අනූ ලක්ෂයකට වැඩි පාඩුවක් සිදු කිරීම හේතුවෙන් තිස්ස විමලසේන හා ලාල් සිරිසේන යන සැකකරුවන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කළ කො‍ළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය කියා සිටියේ සැකකරුවන්ට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බවය.

මෙහිදී දෙවන සැකකරු වන ලාල් සිරිසේන නැමැත්තා මහේස්ත්‍රාත්වරිය වෙත රහසිගත ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතීඥවරයා අධිකරණයට දන්වා දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad