අල්ලස් ඉල්ලනවද..? එහෙනම් මේ ඇමතුම් අංකයට කියන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

අල්ලස් ඉල්ලනවද..? එහෙනම් මේ ඇමතුම් අංකයට කියන්න..

2018 වර්ෂය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අල්ලස්‌ මුදල් ඉල්ලන විදුහල්පතිවරුන් ගැන 1954 ක්‍ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන්නැයි අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති.

එම තොරතුරු ලබාදෙන සියලු දෙනාගේ රහස්‍ය භාවය සුරකින බව අල්ලස්‌ කොමිසමේ විමර්ශන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ඊයේ (16) පැවැසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද පැවැසීය.

“දැන් ලබන අවුරුද්දට පාසල්වලට ළමුන් ඇතුළත් කරන්න විදුහල්පතිවරුන් අල්ලස්‌ ගන්න කාලවකවානුව. අගෝස්‌තු, පාසල්වලට ළමුන් ගන්න සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙනවා. ඒ කාලය තුළ තමන්ගේ දරුවා පාසලට ගන්න විදුහල්පතිවරුන් අල්ලස්‌ ඉල්ලනවානම් බය නැතුව අපිට කියන්න. අපි ඒ අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. දැන් මේ අවුරුද්දේ අල්ලස්‌ ගන්න විදුහල්පතිවරයෙක්‌ හා නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්‌ අත්අඩංගුවට ගත්තා.”

No comments:

Post a Comment

Post Bottom Ad