කොටි අයුධ තොගයක් වව්නියාවෙන් හමුවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

කොටි අයුධ තොගයක් වව්නියාවෙන් හමුවේ..

වවුනියාව, කනගරායන්කුලම, කොල්ලරපුලියන්කුලම ප්‍රදේශයේ කැලෑවක තිබූ එල්.ටි.ටි.ඊ සංවිධානයට අයත් මිලිමීටර 61 වර්ගයේ  පැරණි මෝටාර් උණ්ඩ 13 ක් සොයාගත් බව කනගරායන්කුලම පොලිසිය පැවසුවේය.

කොල්ලරපුලියන්කුලම කැලෑවක යුද උපකරණ තොගයක් තිබී හමු වූ බවට ප‍්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරකට අනුව කනගරායන් කුලම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල කැලෑ ප්‍රදේශයට ගොස් සිදු කරන ලද සෝදිසියකදී මෙම මෝටාර් බෝම්බ සොයාගෙන ඇත.

මෙම යුද උපකරණ තොගය හමු ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධානය විසින් රහසිගත කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති අතරම යුද හමුදා ප්‍රහාර හමුවේ පසු බසින් අවස්ථාාවේදී අදාල යුද් අපකරණ තොගය මෙම ස්ථානයේ සගවා පලා යන්නට ඇති බවට කනගරායන් කුලම් පොලීසිය සැක පල කර සිටියේය.

කනගරායන් කුලම් පොලිසිය වැඩි දුරටත් පැවසූවේ වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය අදාළ ස්ථානයේ තවදුරටත් පුපුරන ද්‍රව්‍ය පවතින්නේද යන්න සම්බන්ධයෙන් අද (4) විශේෂ පරීක්ෂාවක් සිදුකිරීමට නියමිත බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad