යුද්දෙන්වත් විනාශ නොවූ ඓතිහාසික සුමෙරියන් සොහොන් බිම ජාවාරම් කරුවෝ වනසති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

යුද්දෙන්වත් විනාශ නොවූ ඓතිහාසික සුමෙරියන් සොහොන් බිම ජාවාරම් කරුවෝ වනසති..

යුද සමයේදී හෝ විනාශ නොවෙමින් ආරක්ෂා වූ වසර දහස් ගණණක් පැරණි වව්නියාව මහකච්චකොඩිය අග්බෝපුර සුමේරියන් සොහොන් භූමිය විවිධ ජාවාරම් කරුවන් විසින් විනාශ කරමින් සිටින බවට ප්‍රදේශවාසි ජනතාව කියා සිටිති.

ආදි මානවයින්ගේ සොහොන් 100 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත අග්බෝපුර සොහොන් භූමය අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා ඇති අතරම මෙම භූමියේ ඉතා පැරණි වටිනා පුරා විද්‍යාතමක ඉතිහාසයක් ඇති සාධක මේ වන විට විනාශ මුඛයේ පවතින බැවින් එම භූමිය ආරක්ෂා කර දෙන මෙන් ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ගම්වාසීන් විසින් සුමේරියන් හොහොන් භූමිය එල් පෙහෙලි කිරීමට විරෝධය පාමින් කියා සිටින්නේ මේ වන විට වන සංරක්ෂණ නිලධාරීන්ගේද සහය ඇතිව ඇතම් දැව ජාවාරම් කරුවන් විසින් භූමියේ දැව සම්පත විනාශ කරන බවටත් ඊට අමතරව නිතරම නධන් සොරුන් විසින් මෙම සොහොන් බිම් විනාශ කරන බවටත්ය.

සුමේරියන් සොහොන් භූමියේ ඇති දැව විශාල ප්‍රමාණයක් මේ වන විටත් විනාශ කොට ඇති අතරම දැව කැපීමේදීද සොහොන් කොත් රැසක් විනාශ වී ඇති බවටත් මේ වන තුරුත් අදාල සොහොන් ආරක්ෂා කිරීමට කිසිදු බලධාරියෙකු ඉදිරිපත් වී නොමැති බවටයි. පසුගියද අධිකරණ නියෝගයකින් අදාල සුමේරියන් සොහොන් බිමට කිසිවෙකුටත් ඇතුල් නොවන බවට දැනුම් දුන්නද ජාවාරම් කරුවන් රහසිගතව සොහොන් බූමියට ඇතුල් වී ඔවුන්ගේ ජාවාරම් කටයුතු සිදු කරන බවටද ප්‍රදේශවාසීන් වැඩි දුරටත් කියා සිටිති.

වව්නියාව මහකච්චකොඩිය මාමඩුව යන ගම්මාන පෙර රජසමයේදීද ඓතිහාසක වටිනාකමක් ඇති ප්‍රදේශ වන අතර දුටුගැමුණු රජසමයේදී දසමහ යෝධයින්ගේන් නන්දිමිත්‍ර යෝදයාගේ උපන්ගම වන්නේද මහකච්චකොඩිය යන ගම්මානය වන අතර ඓතිහාසික වටිනාකමක් ඇති මෙම ගම්මාන හා භූමි ආරක්ෂා කර ගැනීම් බලධාරීන්ගේ වගකීමක් බවටද ගම්වාසීන් පෙන්වා දෙති.

– වන්නි රොමේෂ් මධුෂංඛ



No comments:

Post a Comment

Post Bottom Ad