රංගන හේරත් කුම්බ්ලේගේ වාර්තාව පසුකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

රංගන හේරත් කුම්බ්ලේගේ වාර්තාව පසුකරයි

සිම්බාබ්වෙ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිමෙදී හා දෙවන ඉනිමෙදි කඩුලු 05 බැගින් බිද දමමින් ටෙස්ට් තරගයකදී වැඩිම වතාවක් කඩුලු 10ක් ලබාගත් ක‍්‍රීඩකයින්ගේ ලැයිස්තුවෙ සිව්වැනි ස්ථානයට පත්වීමට රංගන හේරත් ඊයේ සමත්වුයේය.

රංගන හේරත් තරග 81කදී අවස්ථා 08කදී කඩුලු 10 සීමාව පසුකර ඇත. ඒ අනුව රංගන හේරත් එවැනි දස්කම් ලැයිස්තුවේ අනිල් කුම්බ්ලේ ලබා තිබුණ ස්ථානය රංගන පසුකර ගියේය. තරග 133කදී අවස්ථා 22ක් එම සීමාව පසුකල මුත්තයියා මුරලිදරන් එම ලැයිස්තුවෙ පෙරමුණේ පසුවන අතර ෂේන් වෝන් (10) රිචඩ් හැඩ්ලි (9) දෙක තුන ස්තාන ලබද්දී හේරත් 4 වන තැන ලබා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad