වික්ටර් ගේ රසිකයින්ට සුබ ආරංචියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

වික්ටර් ගේ රසිකයින්ට සුබ ආරංචියක්

මෙරට සංගීත ක්ෂේත්‍රයේ මං සලකුණක් විදිහට වික්ටර් රත්නායකයන්ව හදුන්වා දෙන්න පුළුවන්. සංගීතයේ සාරය උකහාගනිමින් නැවුම් ගී ලබාදෙන ඔහු පසුගියදා යළිත් විවාහ වුණා. ඒ ආන්දෝලනාත්මක කතා බහ උණුසුම දැන් අවසන්. ඔහු ගැන හා ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති  අලුත්ම විදියේ සංගීත ප‍්‍රසංගය ගැනත් ඔහුගේ ආදරණිය බිරිද පුවත්පතකට මේ විදිහට විස්තර කරලා තිබුණා. මේ ඒ ගැනයි.

කොහොමද මේ දිනවල ඔබ දෙපළගේ ජීවිතය ගත වෙන්නේ..?
අපේ පවුල් ජීවිතය හරිම සතුටින් ගතවෙනවා.

මෑතකදී වික්ටර් රත්නායක මහතා ප්‍රසංග ගණනාවකටම එක් වුණා නේද?
ඔව්. පසුගිය කාලයේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වුණා. ප්‍රසංගවලට මහත්තයා සහභාගි වුණා. ලබන 21දා තවත් ප්‍රසංගයක් පැවැත්වෙනවා.

ඒ ප්‍රසංග අතරේ විදෙස් සංගීත ප්‍රසංගයකුත් තිබුණා නේද?
අපි පසුගිය මැයි මාසයේදී එංගලන්ත සංචාරයකට සහභාගි වුණා. වික්ටර්, කසුන් කල්හාරත් සමග එක්ව පැවැත්වූ ප්‍රසංගයක් වෙනුවෙනුයි අපි එංගලන්තයට ගියේ. යුග දෙකක ගායකයන් දෙදෙනකුගේ සුසංයෝගයකින් පැවැත්වූ ප්‍රසංගයක් නිසා එයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. අනෙක ඒක තමයි විවාහයෙන් පස්සේ අපි දෙදෙනා සහභාගි වුණු පළමු විදෙස් සංචාරය.

හැම කටයුත්තකදීම ඔබ සැමියගේ ළඟින්ම සිටින බව දකින්නට ලැබෙනවා?
අ‍පොයි ඔව්. හැමදේකටම අපි දෙදෙනාටම තමයි ආරාධනා ලැබෙන්නේ.

වික්ටර් රත්නායක මහතාගේ ජීවිතයේ හොඳම කාලය එළැඹෙන්නේ වයස 75න් පසුව බව ඔහුගේ කේන්දරයේ සඳහන් වෙලා තිබෙනවා කියලා ඔබ මීට පෙර පැවැසුවා. අදටත් ඔබ එය විශ්වාස කරනවාද?
ඔව්. මම ඒ කතාව 100ක්ම විශ්වාස කරනවා. කෙනෙක් සතුටින් ඉන්නවා නම් ඔහුට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් විදිහේ පසුබිමක් සකස් වෙනවාමයි. මහත්තයව සතුටින් තබන්න තමයි මම හැම විටම උත්සාහ කරන්නේ. අපට අවලාද නගපු අයට අපගේ සාර්ථකත්වය ඉවසා ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ෙදෙවය කාටවත් වෙනස් කරන්න බෑනේ.

ඒ කියන්නේ සැමියාගේ ජීවන ගමනට ඔබෙන් විශාල සහයෝගයක් ලැබෙනවා?
ඔව්. ගෙදර හැම වැඩක්ම මගේ අතින් තමයි කෙරෙන්නේ. අනෙක මට සංගීත දැනුමක් තිබෙන නිසා මහත්තයගේ සංගීත කටයුතුවලටත් මට සහාය වෙන්න පුළුවන්. සමහර වෙලාවට යම් ගීතයක් වෙනුවෙන් ඔහුගේ අතින් තනු දෙකක් නිර්මාණය වුණොත් ඒ අතරින් වඩාත් හොඳ මොකක්ද කියලා මගෙන් තමයි අහන්නේ.

ඔබ දෙදෙනාගේ විවාහය සම්බන්ධයෙන් ඒ දිනවල නැගුණු විවිධ චෝදනා සහ විවේචන අද වෙද්දී යටපත් වෙලාද?
අපි කවදාවත් චෝදනාවලින් සැලුණේ නැහැ අනෙක සමාජ ජාල අඩවිවල පැතිරෙන දේවල් ඒ දිනවල බැලුවෙත් නැහැ. අද බලන්නෙත් නැහැ. මහත්තයත් අවශ්‍යම දේකට විතරයි අන්තර්ජාලයට පිවිසෙන්නේ. ඒ දේවල් අපි ලොකු ගැටලු බවට පත් කරගෙන නැහැ.

විවිධ විවේචන මධ්‍යයේ වික්ටර් රත්නායක මහතා ඔබේ ජීවන සහකරුවා බවට පත් කරගැනීමට එදා ගත් තීරණය ගැන අද මොනවාද ඔබට හිතෙන්නේ?
දෙපැත්තට වැනෙන විදිහේ තීරණයක් නොවෙයි මම ගත්තේ. මහත්තයත් එහෙමයි. විවාහයට කලිනුත් අපි කාලයක් තිස්සේ සමීපව ඇසුරු කළා. ඉතින් මගේ තීරණය ගැන අදටත් මට තියෙන්නේ ලොකු සතුටක්.

ප්‍රසංගවලට සහභාගි වන අතරේ මේ දිනවල ඔබේ සැමියා අලුත් ගීත නිර්මාණ බිහිකිරීම ගැන දක්වන්නේ මොන විදිහේ අවධානයක්ද?
වික්ටර් හැමදාමත් නවකයන් කරන හොඳ දේවල්වලට අතහිත දෙන කෙනෙක්. ඉදිරි සතියේදී නවක නිර්මාණ කරුවන් පස් දෙනෙකු අතින් බිහි වුණු අලුත් ගීත පහක් ගායනා කර පටිගත කිරීමට ඔහු සම්බන්ධ වෙනවා.

ඒ අතරේ ගීත ලෝලීන්ට අලුත් අත්දැකීමක් ලබාදීමේ සූදානමකුත් තිබෙන බව ආරංචියි?
ඔව්. වික්ටර්ගේ ආදරණීය රසික රසිකාවියන්ට වෙනස්ම විදිහේ සජීවී ප්‍රසංග අත්දැකීමක් ලබාදෙන්න සැලසුම් කරමිනුයි ඉන්නේ. ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්.

No comments:

Post a Comment

Post Bottom Ad