මිද්දෙනිය - ජූලම්පිටියේ වෙඩි තැබිමක්

මිද්දෙනිය - ජූලම්පිටිය ප්‍රදේශයේ නිවසක ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඥාතීන් වන පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් නිසා මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබූ පුද්ගලයාට තුවාල ලැබූ පුද්ගලයාගේ පුත්‍රයා විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බව සඳහන්.

මේ නිසා වෙඩි තැබූ පුද්ගලයා ද තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ඔහු පොලිස් අත්අඩංගුව යටතේ ප්‍රතිකාර ලබන අතර, වෙඩි තැබීමට යොදා ගත් ගල්කටස් වර්ගයේ ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment