සයිටම් රෝහල විවෘත කර ඇත්තේ එදා සෞඛ්‍ය ඇමති මෛත‍්‍රී.. ආණ්ඩුවට පවරා ගන්නේ නැතැයි ඇමති රාජිත කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

සයිටම් රෝහල විවෘත කර ඇත්තේ එදා සෞඛ්‍ය ඇමති මෛත‍්‍රී.. ආණ්ඩුවට පවරා ගන්නේ නැතැයි ඇමති රාජිත කියයි..

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති සයටම් ආයතනයක් අයත් රෝහල රජයට පවරා ගන්න බැව් රජය පසුගියදා පැවසිය. මෙම රෝහල ආරම්භ කලේ පසුගිය රජය සමයේදිය. එනම් 2013අප්‍රේල් මස 05 වෙනිදාය. එදා මෙම උත්සවය පැවත්වුවේ ශ්‍රීලංකාවේ එවකට අග්‍රාමාත්‍යවරයා වු දි මු ජයරත්ත මහතා සහ සෞඛ්‍යය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සහ අධ්‍යාපන අමාත්‍ය එස් බි දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එහෙත් පසුගිය දා ආණ්ඩුව පැවසු සයිටම් ආයතනයට අයත් මාලබේ එම රෝහල රජයට පවරා ගෑනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ද අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කල බවයි. ඒත් අද සෞඛ්‍යය අමාත්‍යවරයා ඊට හාත්පසින්ම වෙනස් කතාවක් මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් කියා සිටියේ සයිටම් රෝහල එසේ රජයට පවරා ගෑනීමට කිසිම අදහසක් නැති බවත් ඒසේ කලොත් මෙරටට කිසිම ආයෝජනයක් නොඑන බවයි.

මේ අනුව බලන කල වෙනසකට ඇත්තේ එදා රජයේ සයිටම් රෝහල ආරම්භ කිරීමමේ උත්සවයට සහභාගි වු සිටි සෞඛ්‍යය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජනාධිපති ය. එදා අධ්‍යාපන අමාත්‍ය එස් බි දිසානායක අද සමාජ සවි බලගැන්වීමේ අමාත්‍යවරයා ය එදා ධීවර අමාත්‍ය අද සෞඛ්‍යය හා පෝෂණ අමාත්‍යවරයා ය. Link


No comments:

Post a Comment

Post Bottom Ad