සාද පෝලිමක් - ඒකාබද්ධය කලින් ම ජය පැන් බොයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

සාද පෝලිමක් - ඒකාබද්ධය කලින් ම ජය පැන් බොයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහභාගි වන ප්‍රිය සාද රැසක් ඉදිරි මාසය තුළ දී පැවැත් වීමට නියමිත ය.

මෙහි පළමුවැන්න ලබන 14 වන දා පානදුර, වයිට් හෙවන් හෝටලයේ දී පැවැත් වීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා කලාකරුවන් 500කට අධික පිරිසක් සහභාගි වන බව තහවුරු කර ඇතැයි අදාළ උත්සවයේ සංවිධායකයෝ පැවසූහ. අනාගත දේශපාලන කටයුතු සහ රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් සමඟ මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔවුහු අවධාරණය කරති. 


මේ උත්සවය අවසානයේ සියලු දෙනාට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර ඇත. මේ ආකාරයට විද්වත් වෘත්තිකයන් 500කගේ සහභාගිත්වයෙන් ඉදිරියේ දී මෙවැනි උත්සවයක් පැවැත් වීමට සැලසුම් කර තිබේ. එය පවත්වන ස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත්, බොහෝ විට එය ලබන අගෝස්තු මුල් සතියේ පැවැත්වෙනු ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙසේ විවිධ වෘත්තිකයන් හමුවීමෙන් පසු ගම් මට්ටමින් ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු ක්‍රියාකාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට ද ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කරයි. පළාත් පාලන ඡන්දය පැවැත් වීමට ආණ්ඩුව සූදානම් වන බව පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා විසින් පැවසීමත් සමඟ මෙසේ ඒකාබද්ධ විපක්ෂය තම දේශපාලන කටයුතු වඩාත් වේගවත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad