අගමැතිට සුබපතන්න විශේෂ පාර්ලිමේන්තු සැසියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

අගමැතිට සුබපතන්න විශේෂ පාර්ලිමේන්තු සැසියක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුභාශිංසන එක් කිරීමේ විශේෂ පාර්ලිමේන්තු සැසියක් ලබන මස 04 වනදා පැවැත්වීමට පක්ෂ නායකවරුන් එකඟතාව පළ කර තිබේ.

අගමැතිවරයාගේ වසර 40ක පාර්ලිමේන්තු සේවා කාලය අගය කිරීම සඳහා ඉදිරිපත් වූ එම යෝජනාව සම්බන්ධයෙන් ඊයේ(06) පැවැති පක්ෂ නායක සාකච්ඡාවේදී එකඟතාව පළ වූ බව වාර්තා වෙයි. මේ අතර අද පාර්ලිමේන්තුව 10.30ට රැස්වීමට නියමිත අතර එහිදී මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික යෝජනා 11ක් විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad