පේදුරුතුඩුවට විශේෂ පොලිස් ආරක්ෂාවක් - පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයාගේ මරණ පරීක්ෂණය අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

පේදුරුතුඩුවට විශේෂ පොලිස් ආරක්ෂාවක් - පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයාගේ මරණ පරීක්ෂණය අවසන්

වෙඩි ප්‍රහාරය පපු ප්‍රදේශයට වැදීමෙන් හෘද වස්තුවට ලේ ගලා යාම නිසා මරණය සිදුව ඇති බවට පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරමින් යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. මයුරධන් මහතා කියා සිටියේය.

යාපනය ශික්ෂණ රෝහලේදී ඊයේ (10) රාත්‍රියේ මනල්කාඩු ප්‍රදේශයේ මිය ගිය තරුණයා වූ 24 හැවිරිදි යෝගරාසා දිනේස් තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දේහය ඊයේ රාත්‍රියේම ඔහුගේ නිවස පිහිටි නෙල්ලියඩි ප්‍රදේශයට රැගෙන යන ලදී. මේ අනුව අද (11) දහවල් නෙල්ලියඩි ප්‍රදේශයේ පිහිටි වේරුන්දම් සුසාන භූමියේදී මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර නෙල්ලියඩි ප්‍රදේශයට හා මනලකාඩු ප්‍රදේශයට අද දිනයේද පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා ප්‍රදේශය සාමකාමි තත්වයක් ඇති කිරීමට පොලීසිය විසින් පියවර ගෙන ඇත. මනල්කාඩු ප්‍රදේශයේදී වෙඩි පහරින් මිය ගිය තරුණයා හා වෙඩි තැබීම සිදු කල පොලිස් නිලධාරීයාගේ නිවෙස් පිහිටා තිබෙන්නේද නෙල්ලියඩි නිසාවෙන් ඊයේ (10) දිනයේද ප්‍රදේශවාසීන් කලහකාරී අයුරින් හැසිරුණු අතරම අද දිනයේද එවැනි අවස්ථාවන් ඇති නොවීමට අවශ්‍ය ආරක්ෂාවක් පොලීසිය විසින් සපයා ඇති බව සඳහන් වේ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad