ත්‍රෛනිකායික මහානාහිමිවරු සහ ජනපති අතර විශේෂ සාකච්ඡාව ඇරඹෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

ත්‍රෛනිකායික මහානාහිමිවරු සහ ජනපති අතර විශේෂ සාකච්ඡාව ඇරඹෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ඇතුළු කාරක සංඝ සභා නියෝජිතයන්ගේ හමුව මේ වනවිට මහනුවර ජනාධිපති මන්දිරයේදී ආරම්භ වී තිබේ.

ඊට අස්ගිරි - මල්වතු පාර්ශවයේ මහානාහිමිවරුන් මෙන්ම, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්වල මහානාහිමිවරුන් ඇතුළු සංඝයා වහන්සේලා එක්වී සිටින බව වාර්තා වේ. බුද්ධාගමට සහ බෞද්ධ විහාරස්‌ථානවලට වර්තමානයේ මතුවී තිබෙන ගැටලු හා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad