සිසු දරුවන් පැහැරගෙන ගිය බවට හිටපු ඇමති ෆිලික්ස් ගෙන් සාක්ෂියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

සිසු දරුවන් පැහැරගෙන ගිය බවට හිටපු ඇමති ෆිලික්ස් ගෙන් සාක්ෂියක්

නාවික හමුදාවේ ඝාතක කල්ලියක් විසින් සිංහල දෙමළ මුස්ලිම් සිසු දරුවන් කප්පම් සඳහා පැහැරගෙන කප්පම් ලබාගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරනවී ඇති බවත්, හිටපු අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මහතාගේ ලිපියක් මගින්ද එම කාරණය සනාථ වන බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

ඝාතනය කරන ලද සිසුන්ගේ දෙමාපියන් විසින් ඊයේ (17) සංවිධානය කර තිබු මාධ්‍ය හමුවක දී ද ඊට අදාල කරුණු රැසක් අනාවරණය විය. ඊට සහභාගී වූ එක් පියෙක් හිටපු හමුදා නිලධාරියෙකි. සිංහල ජාතිකයෙකි. එක් දරුවෙකුගේ මවක් වූ සරෝජිනී නාගනාදන් මහත්මිය විවාහ වී ඇත්තේ සිංහල අයෙකු සමග ය. තම දරුවා නිදහස් කිරීමට රුපියල් කෝටියක් ඉල්ලූ බව කී ඇය ඒ සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාට කී විට ෆීලික්ස් පෙරේරා මහතා දුරකථනයෙන් හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අමතා දරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටි බවද ඇය කීවා ය. ෆීලික්ස් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාට නිකුත් කළ ලිපියක් ද ඇය මාධ්‍ය හමුවට ඉදිරිපත් කළා ය.

(එම ලිපිය මෙහි දැක්වේ)
 
මාධ්‍ය හමුවට එක්ව සිටි මවක් වූ ජෙනීෆා වීරසිංහ මහත්මිය කියා සිටියේ මේ පිලිබඳ නඩුවක් දැම්මේ 2009 දී බවයි. එදා කොටි නොවූ ලමයි අද කොටි වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඇය සත්‍ය වශයෙන්ම තමන්ගේ දරුවා කොටියෙක් නම් තමා මේ නඩුවෙන් ඉල්ලා අයින් වෙන බවද කීවා ය. මෙම පැහැරගෙන යාම හා ඝාතනයන් සම්බන්ධයෙන් ප්‍රථමයෙන් පැමිණිලි කර ඇත්තේ හිටපු නාවික හමුදාපති වූ වසන්ත කරන්නාගොඩ මහතා විසිනි.

ඒ සම්බන්ධයෙන් 2009 දී කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන ලද බී/732/2009 දරණ බී වාර්තාව සාක්කි දරයි. එම මුල් පැමිණිල්ල කර ඇති වසන්ත කරන්නාගොඩ මහතා පවසා ඇත්තේ මෙම සිසුන් පැහැරගත් සිය ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව සිටි ලුතිනන් කමන්ඩර් සම්පත් මුණසිංහ (නේවි සම්පත්) එල්ටීටීඊට සමග සම්බන්ධදැයි සොයා බලන ලෙසයි. එපමණක් නොව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියට ගෙන යන්නැයි එවක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ද එවක රහස් පොලිසිය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාට උපදෙස් දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad