බි‍්‍රතාන්‍ය ජාතික පිරිමි පුද්ගලයෙකු විසින් දරුවෙකු ප‍්‍රසුත කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

බි‍්‍රතාන්‍ය ජාතික පිරිමි පුද්ගලයෙකු විසින් දරුවෙකු ප‍්‍රසුත කරයි..

බි‍්‍රතාන්‍ය ජාතික පිරිමි පුද්ගලයෙකු විසින් දරුවෙකු ප‍්‍රසුත කර තිබේ. හැඩන් ක්‍රොස් නැමැති මෙම පුද්ගලයා විසින් පසුගිය ජුනි 16 වැනිදා සිසේරියන් සැත්කමක් මඟින් නිරෝගී ගැහැණු දරුවෙකු ප‍්‍රසුත කර ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

21 හැවිරිදි වියේ පසුවන හැඩන් ක්‍රොස් උපතින් කාන්තාවක් වන අතර මීට වසර 03කට පෙර හෝමෝන ප‍්‍රතිකාර ක‍්‍රම මඟින් පිරිමි පුද්ගලයෙක් බවට පත්වී ඇත. ඔහු විසින් ප‍්‍රසුත කළ දියණියට ටි‍්‍රිනිටි ලෙයි ලෙස නම් තබා තිබේ. ටි‍්‍රනිටිගේ උපතත් සමඟම හැඩන් ක්‍රොස් දරුවෙකු ප‍්‍රසුත කළ පළමු බි‍්‍රතාන්‍ය ජාතික පිරිමි පුද්ගලයා ලෙස ඉතිසාසගත වේ. හැඩන් ක්‍රොස් දැනට වසර 03කට පෙර සිට පිරිමි පුද්ගලයෙකු වශයෙන් බි‍්‍රතාන්‍ය තුළ නීත්‍යානුකූල ලියාපදිංචිය ලබා සිටියි.


වසර 2008දී ඇමරිකා එක්සත් ජනපදයේ තෝමස් බෙවති නැමැති පිරිමි පුද්ගලයෙකු විසින් දරුවෙකු ප‍්‍රසුත කළ අතර ඔහුද කාන්තාවක් ලෙස උපත ලබා පසුව ලිංගික සංක‍්‍රාන්තියකින් පිරිමියෙකු බවට පත් වුණු පුද්ගලයෙකි. හෝමෝන ප‍්‍රතිකාර ඔස්සේ මෙම පුද්ගලයන් පිරිමින් බවට පත් වුවද ඔවුන්ගේ ශරීරයේ ගැබ්ගැනීම සඳහා අවශ්‍ය ගර්භාෂය ආරක්ෂිතව පවතින බව පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad