මහින්ද යලි බලයට එන මග අහුරන්න රනිල්ගෙන් ඥාණසාර හිමිට මුදල්..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

මහින්ද යලි බලයට එන මග අහුරන්න රනිල්ගෙන් ඥාණසාර හිමිට මුදල්..?

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත බලයට ඒමට ඇති ඉඩකඩ ඇහිරීම සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මුදල් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් ප‍්‍රංශයේදී ප‍්‍රකාශ කර ඇති බවත් එම ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ලාංකිකයන් ඉන් නොමග යවා ඇති බවත් එම සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පවසයි.

අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් හා ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංගට අභියෝග කරන බවද බොදු බල සේනා මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කලේය.



ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad