සුනඛයෙකු වෙනුවෙන් පැවති 'අමුතු මළගමක්' - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

සුනඛයෙකු වෙනුවෙන් පැවති 'අමුතු මළගමක්'


ඊයේ (5) පස්වරුවේ ගනේමුල්ල ප්‍රදේශයේ සුනඛයෙකුගේ මියයාම වෙනුවෙන් පැවති අවමංගල උත්සවය සාමාන්‍යයෙන් මිනිසෙකු මියගිය පසුු දක්වන සියලු ගෞරව අංග වලින් සමන්විත වීම නිසා විශේෂත්වයක් ගත්තේය.

ගනේමුල්ල පහළයාගොඩ ව්‍යාපාරික මලිත් සුදුසිංහ මහතාගේ ආදරණිය සුනඛ සුරතලිය වූ ‘මිෂෙල්’ ගේ මියයාම වෙනුවෙන්
මෙය පැවැත්විණි. මියයන විට අවුරුදු 6 ක් වයසැතිවූ මෙම සුනඛ ධේනුව නිවසේ කාගේත් ආදරයට ලක්වූ බව පැවසේ. මිෂෙල්’ සම්බන්ධයෙන් මලිත් මෙසේ කියා තිබේ.


“මිෂෙල්ව ගෙනාවේ මම; ඒ ලෙවල් කරන කාලේ. එතකොට මිෂෙල්ට වයස මාස 2 යි. හැමදාම මගේ කාමරේ මගේ ඇඳ ළඟ තමයි ඉන්නේ. මනුස්සයෙක්ගෙ වගේ ගති පැවතුම් තිබුණේ මිෂෙල්ට. අවුරුදු 7 ලබන්නේ මේ නොවැම්බර් 20 ට.

ඒත් එකපාරටම මිෂෙල් කිසිම කෑමක් කන්නේ නැති වුණා. බ්ලඩ් ටෙස්ට් කරලා බලද්දි කිඩ්නි දෙකම නරක් වෙලා. ඒකට කිසිම බෙහෙතක් නෑ. දවස් තුනක් විතර වි‍ඳෙව්වා , වමනේ දැම්මා. මම මගේ අත් දෙකෙන්මයි කැත කුණු හැමදේම අයින් කළේ. කවදාවත් මිෂෙල්ව දම්වැල් දාලා හැදුවේ නෑ. එයා නිදහසේමයි හිටියේ. කුඩු කළේ නෑ. ජීවත් වෙලා ඉද්දිත් ලෙඩ උනාට පස්සෙත් මිෂෙල්ට මනුස්සයෙක්ට වගේම අපි සැලකුවා.

 අවසන් කටයුතුත් ඒ ආකාරයටම කළා. මිෂෙල් අපිව දාලා ගිය එක ඉවසගන්න පුලුවන් දුකක් නෙවෙයි. ඒත් එයා ගොඩක් වාසනාවන්ත ජීවිතයක් ගතකළා. මගේ එකම පැතුම මිෂෙල් මගේ දරුවෙක් වෙලා මගේ ළඟට එන්න කියන එකයි.” මිනිස් අවමගුලක මෙන්ම අවමඟුලේ මතකවස්ත්‍ර පූජාවක්ද සිදු කර තිබුනි. ඊයේ පෙරවරු අළුයම 5.30 ට මිෂෙල් ගේ මරණය සිදුවූ පසු පෙරවරු 11.30 සිට පැය 5 ක කාලයක් දේහය නිවසේ ආලින්දයේ තැන්පත්කොට තබා පස්වරු 4.30ට මතක වස්ත්‍ර පූජාව කිරීමෙන් පසු  නිවසේ ගෙවත්තෙහිම භූමදාන කර තිබේ.

තොරතුරු - තිලක් සේනාසිංහ












No comments:

Post a Comment

Post Bottom Ad