මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න අභාවප්‍රාප්ත වෙයි

පුවත්පත් ගණනාවක ප්‍රවෘත්ති කර්තෘ ධූරයේ සේවය කළ මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත වූයේය. උපාලි පුවත්පත් සමාගමේ වත්මන සඟරාව,ලක්බිම,රන්දිව,මව්බිම,යුක්තිය පුවත්පත් වල සේවය කළ ඔහු කථානායක කරූ ජයසූරිය මහතාගේ

මාධ්‍ය ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.අවසන්වරට සත්හඩ පුවත්පතේ සම කර්තෘ ලෙස කටයුතු කළ අතර ඊයේ (07) රාත්‍රියේ පුවත්පතේ වැඩ නිමවා ගමන් කරමින් සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්තවී තිබේ. දෙදරු පියෙකු වන ඒ මහතාගේ දේහය 276/7, ජයන්ති මාවත, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය යන ලිපිනයේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු සඳුදා සිදු කෙරේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment