සම්මුතියේ ගමන නිමයි.. අගමැති හදිසි අවස්ථාවකට සූදානමින් එජාප සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් සීරුවෙන් තබයි.. විදේශ සංචාර සියල්ල අවලංගුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

සම්මුතියේ ගමන නිමයි.. අගමැති හදිසි අවස්ථාවකට සූදානමින් එජාප සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් සීරුවෙන් තබයි.. විදේශ සංචාර සියල්ල අවලංගුයි..

ඉදිරියේදී ඇතිවන ඕනම දේශපාලන අර්බුදයකට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සුදානමින් රටතුල සිටිය යුතු බැවින් එජාප සියලුම මැති ඇමතිවරුන් ඇතුළු තම පාර්ලිමේන්තු කණ්ඩායමට විදේශ සංචාරයන් නොකර ලබන නොවැම්බර් මස එනම් අයවැය දක්වා සිටින ලෙස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිපියකින් දැනුම් දී ඇත.

එම ලිපියේ හේතුව ලෙස නොවැම්බර් මාසයේදී එන අයවැය ගැන සඳහන් කොට තිබුනත් අයවැය සඳහා තවත් මාස 4 කට වැඩි කාලයක් ඇති බව ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකිය. එජාපයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි දින 60 තුල ආණ්ඩුවේ විශාල අභ්‍යන්තර අර්බූදයක් ඇතිවීමට අවශ්‍ය පරිසරය මේ වනවිට දෙපාර්ශවයේම බල පොරය තුල උච්චතම අවස්ථාවට පැමිණ ඇති බවකි.

බොහෝ දුරට මේ අනුව සම්මුති ආණ්ඩුවේ අයවැයක් ඉදිරි නොවැම්බර් මාසයේදී ඉදිරිපත් නොකරන අතර සම්මුති ආණ්ඩුවේ අවසන් අයවැය ඉදිරිපත් කල මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා ඉතිහාසයට එක් වෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad