‘වත්මන් නායකයින් පිස්සු නටනවා.. හුස්මටත් බද්දක් ආ හැකියි’ – ගැටඹෙි හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

‘වත්මන් නායකයින් පිස්සු නටනවා.. හුස්මටත් බද්දක් ආ හැකියි’ – ගැටඹෙි හිමි

හැකියාවක් සැලැස්මක් හා රටක් කරන්නට තරම් අවබෝධයක් නොමැති කමින් වත්මන් රජයේ නායකයන් පිස්සු නටන බවත් මේ නිසා මැති ඇමැතිවරුන් දැන් අන්ද මන්ද වී ඇති බව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා  සිරිවිමල හිමියන් බැහැදැකීමට  අද (17දා) එම විහාරස්ථානයට ගිය අවස්ථාවේ උන්වහන්සේ එසේ පවසා සිටියහ. වැඩි කාලයක් නොගොස් හුස්ම ගැනීමට පවා බද්දක් පැනවීමටද ඉඩ ඇති බවත් රටට හරි නායකත්වයක් නොමැති බවද සිරිවිමල හිමියෝ මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියහ.

නාහිමියන් හමුවීමෙන් අනතුරුවව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා...

මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ව සිටින කාලයේ දේශීය ආදයම් පනතෙන් පංසල්, පල්ලි, කෝවිල් වැනි පුණ්‍ය ආයතන වලටත් කෘෂිකර්මාන්තයේ ගොවීන්ටත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට, අපනයනකරුවන්ට සහනාධාර ලබන අයට හා අර්ථ සාධක ලබන අයට ලබාදී තිබූ බදු සහන සියල්ල මේ රජය  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යන නව දේශීය ආදායම් පනතින් නැති කරන්න යනවා.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනා පනතෙන් මේ රටේ ආගම, කලාව, සංසකෘතිය, ආර්ථිකයේ විවිධ ස්ථානවලට ලබාදී තිබූ විශේෂ සහන ඒ සියල්ල ඉවත් කර තමා මේ පනත ගේන්න හදන්නෙ. අපි සියලු මහනායක හාමුදුරුවන්ට මේ බව දැන්වීමෙන් අනතුරුව කතිකාවතක් ඇති කරගන්න ‍ඕන අලුතින් දේවල් නෙමේ  පසුගිය පනතෙන් ආගම, කලාව, සංස්කෘතිය, ආර්ථිකයට ලබාදී තිබූ සහන සියල්ල තියල මේ පනත සම්මත කර ගත යුතු බවට යැයි මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ආර්.ඩබ්ලිවු. රණසිංහ, එස්.බී. රත්නායක මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad