සිංබාබ්වෙට බැටදුන් දික්වැල්ල -ගුණතිලක ඉතිහාසයට එක්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

සිංබාබ්වෙට බැටදුන් දික්වැල්ල -ගුණතිලක ඉතිහාසයට එක්වෙයි

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිටම දිවිත්ව ශතක සබඳතා දෙකක් පැවැත්වූ ලෝකයේ පළමු ක්‍රීඩකයන් දෙපළ බවටත් ආරම්භක විකට්ටුව සඳහා එවැනි සබඳතාවක් පැවැත්වූ ලෝකයේ පළමු පිතිකරුවන් දෙපළ බවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක වාර්තා අතරට එක්විය.

එසේම ආරම්භක පිතිකරුවන් දිවිත්ව ශතක සබඳතා පැවැත්වූ 35 වැනි අවස්ථාව ලෙසත් ශ්‍රී ලංකාව එවැනි දක්ෂතාවක් දැක්වූ 11 වැනි අවස්ථාව ලෙසත් වාර්තා අතරට එක්විය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 209ක සබඳතාවක් පැවැත්වූ අතර ලකුණු 87ක් රැස්කරගෙන සිටි ගුණතිලක කෙලින්ම පන්දුව කඩුල්ලේ දැවටිමෙන් දැවී ගියේය.

No comments:

Post a Comment

Post Bottom Ad