බ්‍රිතාන්‍යයේ ඉස්ලාමීය අන්තවාදීන්ට සවුදි අරාබිය මුදල් දෙනවා..- හෙන්රි ජැක්සන් සොසයිටි

බ්‍රිතාන්‍යය පුරා මුස්ලිම් පල්ලි හරහා ඉස්ලාමීය අන්තවාදීන්ට බිහිකිරීමට සවුදි අරාබිය මුදල් ආධාර සපයන බවට සාක්ෂි ඇතයි බ්‍රිතාන්‍යයේ හෙන්රි ජැක්සන් සොසයිටි හෙලිකරගෙන ඇති බැව් බ්‍රිතාන්‍යයේ ද ටෙලිග්‍රාෆ් වාර්තා කරයි. ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රී ඩැන් ජාවිස් කියා සිටින්නේ මෙම වාර්තාව අනුව මේ අයුරින් බ්‍රිතාන්‍යයේ ඉස්ලාමීය අන්තවාදීන් සහ සවුදි අරාබිය සමඟ ඇති සම්බන්ධතා සම්බන්ධව තමා ඉතාම කනස්සල්ලෙන් පසුවන බවයි. 

එමෙන්ම මෙම ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජය විසින් 2015 දි සිදු කල විමර්ශනයක් මගින් හෙලිවු කරුණු අනුව ඉස්ලාමීය අන්තවාදීන් සහ සවුදි අරාබිය අතර සම්බන්ධතා හෙලිදරව් වී ඇතත් මේ දක්වා එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කොට නොමැතිවීමට හේතුව සවුදි අරාබිය සම්බන්ධව ඉතා සංවේදීව බ්‍රිතාන්‍යය රජය කටයුතු කරන බවටත් මෙම තත්ත්වය දැන දැනම බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරිය වන ත්‍රේරේසා මේ සවුදි අරාබියේ සංචාරයක යේදීම ඇය කල වරදක් බවට චෝදනා කොට ඇත.

Link


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment