යුධ හමුදා කදවුරට හොරු පනිති.. අවි ගබඩාව කඩා තුවක්කු පැහැරගෙන යති..

අනුරාධපුරයේ කලත්තෑවේ පිහිටා ඇති යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා කඳවුරේ අවි ගබඩාවේ දොර කඩා ටී-56 ගිනි අවි දෙකක් පැහැරගෙන ගොස් ඇති බවට කඳවුරේ නිලධාරියකු විසින් අනුරාධපුර මූලස්තාන පොලීසියට පැමිණිලි කර ඇත.

පිටතින් කිසිවෙකුට ඇතුළු වීමට නොහැකි ලෙස දැඩි ආරක්‍ෂා සහිතව ඇති මෙම අවි ගබඩාවෙන් අවි සොරකම් කරන්නට ඇත්තේ සෙබළකු විසින්ම බවට පොලිසිය සැක කරයි. මේ සම්බන්ධයෙන් යුද හමුදා විනයාරක්ෂක පොලිසිය විසින්ද වෙනම පරීක්ෂණයක් පවත්වයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment