මහින්ද නිදහස් පක්ෂ සභාපති කරන්නයි ඉල්ලූ නඩුවේ තීන්දුව ලබන තුන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

මහින්ද නිදහස් පක්ෂ සභාපති කරන්නයි ඉල්ලූ නඩුවේ තීන්දුව ලබන තුන

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය සඳහා යළි පත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ ගොනු කර ඇති නඩුවක මූලික විරෝධතා සම්බන්ධයෙන්  නියෝගය ප්‍රකාශ කිරීමට දින නියම වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා යළි පක්ෂ සභාපති ධූරයට පත් කිරීම සඳහා  නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභිකයින් දෙදෙනෙකු විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. කෙසේ වෙතත් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මූලික විරෝධතාවකින් පෙන්වා දී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් අවසන් නියෝගයක් ලබා දීම සඳහා ඊට අදාල නඩුව ලබන අගෝස්තු මස තුන්වන දා කැඳවීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad