“මම පදක්කම විකුණුවේ නැත්තේ – මහින්ද නම් මේ උතුම් මිනිසාට වූ පොරොන්දුවක් නිසා” - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

“මම පදක්කම විකුණුවේ නැත්තේ – මහින්ද නම් මේ උතුම් මිනිසාට වූ පොරොන්දුවක් නිසා”

තමන් පදක්කම විකිණීමට දැරූ උත්සාහය අත්හැර දැමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවවාදයකට අනුව බව සුසන්තිකා ජයසිංහ පවසනවා.

කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් තමාට ලැබෙන සුළු දෙයකින් හෝ උපරිම සේවයක් කරන ලෙසත් හිටපු ජනාධිපතිවරයා කළ ඔවදන මත මෙම තීරණය ගෙන ඇති බවයි ඇය මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශ කර ඇත්තේ.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම්වරයා තමා අමතා මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්චා කළ බවද ඇය සඳහන් කර තිබෙනවා.මීට අමතරව වත්මන් රජයේ කිසිවෙක් මේ පිලිබඳ තමාගෙන් කිසිදු විමසුමක් නොකළ බවද ඇය චෝදනා කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad