උමා ඔය ගැටලුව ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

උමා ඔය ගැටලුව ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා තීරණය කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

වැරදි යන්ත‍්‍ර සූත‍්‍ර යොදාගෙන උමග ඉදිකිරීම මෙම ගැටලූවට හේතුව බව විදේශීය විශේෂඥයින් පැමිණ කළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇතැයිද පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ විට පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද හා බලය භාවිතා කර අවශ්‍ය පුද්ගලයින් කැඳවා මේ ගැන සොයාබැලිය හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වන විටත් විශාල මුදලක් වැය කර ඇති උමා ඔය ව්‍යාපෘතිය එක්වරම නැවැත්විය නොහැකි බව ද එයින් ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වී ඇති බැවින් ඉදිරියේදී නිවැරදි තාක්‍ෂණය යොදාගෙන ගැටලූව විසඳිය යුතු බවද හෙතෙම සඳහන් කළේය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ගැටලූව ගැන සොයාබැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ද පත්කරනු ලැබ තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad