ඇමති කොහොමද පන්සල වහන්නේ.. මොනවද මේ රටට වෙන්නේ..- දඹුළු විහාරාධිපති හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

ඇමති කොහොමද පන්සල වහන්නේ.. මොනවද මේ රටට වෙන්නේ..- දඹුළු විහාරාධිපති හිමි

දඹුළු ලෙන් විහාරය වසා දැමීමට ඇමතිවරයෙකුට කිසි අයිතියක් නැති බව දඹුල්ල රජ මහා විහාරාධිපති ගොඩගම මංගල නාහිමියෝ පවසති. මෙම විහාර සංකීර්ණය වසා දැමීමක් ගැන විහාරාධිපති ලෙස තමන් වහන්සේවත් කිසිත් නොදන්න බව පවසන නාහිමියෝ දැනටමත් මෙම විහාරස්ථානයේ උදේ හවා තේවාව කරන බවද සදහන් කරති.

දලදා මාලිගාවට බෝම්බ ගැසූ පසු එම ප‍්‍රතිසංස්කරණය කලේ දලදා මාලිගාව වසා දමමින් නොවන බවත් අද මේ රටට කුමක් වීදැයි කුමක් වෙන්න යන්නේදැයි නොදන්නා බවත් වැඩි දුරටත් කියා සිටිති. විහාර දේවාලගම් පනතට අනුව පාලන කටයුතු සිදුවන සාංගික දේපළක් වන දඹුලු රජමහා විහාරය පුරාවිද්‍යා උපදේශක මණ්ඩලයට පවරා ගැනීමට කිසිම නීතිමය හැකියාවක් නැති බවත් පෙන්වා දෙන උන් වහන්සේ තාවකාලියක හෝ රංගිරි දඹුලු රජ මහා විහාරය තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් විරෝදය පලක කරන බවද කියා සිටී.

මේ අතර එම විහාරස්ථානයේ භාරකාර හිමියන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේලා පිරිසක් එම භූමියේදී මාද්‍ය හමුවක්ද පැවැත්වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad