සුළඟේ වේගය වැඩි වෙයි - විමසිල්ලෙන් සිටින්නැයි දන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

සුළඟේ වේගය වැඩි වෙයි - විමසිල්ලෙන් සිටින්නැයි දන්වයි

පුත්තලම සිට මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මන්නාර සිට කන්කසන්තුරය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශයේ ද සුළංගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් ධීවර සහ නාවික ප‍්‍රජාව වඩා විමසිලිමත් විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 24ක කාලය සඳහා වලංගු වනු ඇති.

No comments:

Post a Comment

Post Bottom Ad