පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

මහරගම අපේක්ෂා රෝහල වෙත ලබා දීමට නියමිතව තිබූ (PET scan)පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. අද(12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියේය.

මහරගම පිළිකා රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ගේ පිළිකාවේ ස්වභාවය හඳුනා ගැනීමට හා පසුවිපරම් කිරීමට අත්‍යවශ්‍ය පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගැනීම සඳහා මහජනතාවගේ සහය පැතීමට එම රෝහල තීන්දු කළ අතර ඒ සමඟ අත්වැල් බැඳ ගැනීමට මනුසත් දෙරණ ද තීරණය කළේය. ඒ අනූව මහරගම පිළි‍කා රෝහල සඳහා පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමේ උදාර අරමුණ වෙනුවෙන් මනුසත් දෙරණ ක්‍රියාන්විතයද උපරිම සහය ලබාදුන් අතර ඒ සඳහා සුවහසත් මෙත් සිත් ඇත්තන් සිය මූල්‍ය පරිත්‍යාගයන් ලබා දුන් අතර එයට රුපියල් කෝටි 20 ක මුදලක් ජනතා ආධාර වශයෙන් එක් කර ගැනීමට හැකි විය.

කෙසේ හෝ අද දිනයේ මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අනුමැතිය හිමි වීම මනුසත් දෙරණේ ද ජයග්‍රහණයක් වන අතර ඒ සඳහා දායකත්වය ලබා දුන් සුවහසක් සහෘද ජනතාවට අපගේ උත්තමාචාරයට හිමිවනු ඇත.

- අද දෙරණ

No comments:

Post a Comment

Post Bottom Ad