හිටපු ආරක්ෂක ලේකම් ජර්මනියේ තානාපති තනතුරට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

හිටපු ආරක්ෂක ලේකම් ජර්මනියේ තානාපති තනතුරට

තමාව ජර්මනියේ තානාපති ධුරයට තමා පත්කර ඇති බව හිටපු ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ට්ආරච්චි මහතා පවසයි. තමාගේ තනතුරට අලුතින් කෙනෙකු පත්කිරීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැති බව තමාව ජර්මනියේ තානාපති සේවයට පත්කිරීමට රජය තීන්දු කරනු ලැබුවේ මීට මාස එකහමාරකට පමණ ඉහතදී බවත් ඔහු පෙන්වා දුන්නේය.

එම ධුරය සම්බන්ධයෙන් වන අනිකුත් රාජතාන්ත්‍රික කටයුතු සම්පූර්ණ කළ පසු ඉදිරි කාලය තුළ එම තනතුරේ රාජකාරි අරඹන බවද  හෙට්ට්ආරච්චි මහතා වැඩිදුරටත් පැවසී ය. නව ආරක‍්ෂක ලේකම් ලෙස හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතාව ඊයේ(04) ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad