"චෝදනාවක් තිබේ නම් පරීක්ෂණවලට සහය දෙනවා" - නව හමුදාපති වැඩ භාර ගනිමින් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

"චෝදනාවක් තිබේ නම් පරීක්ෂණවලට සහය දෙනවා" - නව හමුදාපති වැඩ භාර ගනිමින් කියයි

ශ්‍රි ලංකා යුද හමුදාවේ ශක්තිය විනය හා කැපවීම බවත් ඒ කාරණා දෙක නොමැතිව යුද හමුදාවක් නිර්මාණය නොවන බවත් නිල ඇඳුමක් ඇඳ ගත් පමණින් එම කාරණා ඉටු නොවන බවත් නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඊයේ (5) උදෑසන සිය නව ධුරයේ වැඩ බාර ගනිමින් හමුදාපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍යවේදින් විසින් නගන ලද ප්‍රශ්නවල‍ට පිළිතුරු ලබා දෙමිනි. හමුදාපතිවරයා මෙසේ අදහස් දැක්වීය.”පොලිටිකල් වික්ටීම් කෙනෙක් වෙන්න නම් දේශපාලනය කරන්න ඕනේ.මම දේශපාලනයක් කළේ නැහැ.අපි කරන්නේ අනුන්ගේ වැඩක්.මගේ කුඹුරක් නෙවෙයි මම කොටන්නේ.ඒ වගේ අණ දීපු කෙනා වැරදි අණක් දීලා තියෙන්නේ.ඒ අණ වැරදි විදිහට පාවිච්චි කරලා තියෙනවනම් ඒ කෙනා හෝ අණ දීපු කෙනා වග කියන්න ඕන.

අහපු දෙයක් පමණක්ද මේ කතා කරන්නේ,කියන්නේ දැකපු දෙයක්ද ඒ පිළිබඳව සැකයක්.මම දන්නවා යුධ බිමේ හිටපු නිලධාරියෙක් හැටියට යුධ හමුදාවේ නිලධාරීන් ඒවාට දායක වුණේ නැහැ.කොහොම නමුත් මේ සඳහා අපිට චෝදනාවක් තියෙනවනම් පරීක්ෂණවලට අපි සහය දෙනවා.දැන් අපි දන්නවා භුමියේ මොකක්ද වෙන්නේ කියලා.අපි මරමස්ථාන අත්‍යවශ්‍යම කඳවුරු හැර ඉතුරු භූමිය ක්‍රමක්‍රමයෙන් මුදාහැරීමෙන් ආරක්ෂාවට තර්ජනයක් නෑ.මේ පිළිබඳව තීරණ ගත යුත්තේ මේ විෂය පිලිබඳ දැනුම තියෙන අය පමණයි.

එහෙම නැතුව වේදිකාවල කතා කරන්න බැහැ.විග්නේශ්වරන් මහත්තයා එයාගේ දේශපාලන ගමන සඳහා අවශ්‍ය කතා පවත්වනවා.ඒ ගැන අපි කලබල විය යුතු නැහැ.ඉදිරියට කලබල වෙන්නෙත් නැහැ.යුධ හමුදාවට දේශපාලනය අදාළත් නෑ.”

No comments:

Post a Comment

Post Bottom Ad