අධිකරණයේ ස්වාධීනත්වය ගැන සාර්ක් සම්මේලනයේ ප්‍රධානියෙකුගෙන් පැසසුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

අධිකරණයේ ස්වාධීනත්වය ගැන සාර්ක් සම්මේලනයේ ප්‍රධානියෙකුගෙන් පැසසුම්

නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග අගය කරන බව සාර්ක් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අම්ජාඩ් හුසේන් බී.සියල් මහතා පවසයි.

දකුණු ආසියානු කලාපීය සම්මේලනයේ ප්‍රධාන ලේකම් අම්ජාඩ් හුසේන් බී.මහතා සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (12) අධිකරණ අමාත්‍යාංශයේදි සිදු විය. නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග අගය කරන බවත් අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව අතිශයින් සතුටු විය හැකි බවත් සාර්ක් සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

තවද  වත්මන් ශ්‍රී ලංකා රජය රට තුළ ජාතීන් හා ආගම් අතර සහජීවනය ඇති කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීය වන බව වැඩිදුරටත් සඳහන් කළේය. කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබදව මෙහිදි කරුණු හුවමාරු විය.

No comments:

Post a Comment

Post Bottom Ad