පිං කැටේට කෙලින්න ආ ඇමති අකිලගේ පළුවක් ගැලවෙයි..?

දැනට ඇමති අකිල විරාජ් යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔහුගෙන් ඉවත් කර සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට පවරන ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී උන් වහන්සේලා විසින් මෙම ඉල්ලීම කර ඇති අතර ඊට ජනාධිපතිවරයා පවසා ඇත්තේ අගමැතිවරයා සමගද සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවයි. එමෙන්ම මතුව ඇති තත්වය ගැන සාකච්චා කිරීමට ඇමති අකිල විරාජ් දඹුල්ල රජ මහා විහාරය වෙත යවන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment