හම්බන්තොට හෝටලේ ආහාර විසවීමකින් සිම්බාබ්වේ ක්‍රීඩකයෙක් රෝහලේ

සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරඟයට සහභාගිවීමට සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු වන Ryan Ponsonby Burl නමැති ක්‍රීඩකයා හදිසියේ රෝහල් ගතකර ඇත.

ඊයේ (05) රාත්‍රීයේ නවාතැන්ගෙන සිටි හෝටලයේදී ගන්නා ලද ආහාරයක් විසවීම හේතුවෙන් හම්බන්තොට රෝහලට ඔහුව ඇතුළත් කර තිබේ. කෙසේ නමුත් ඔහුගේ රෝගී තත්ත්වය බරපතල නොවන බව හම්බන්තොට රෝහලේ අධ්‍යක්‍ෂ සුමිත් මනතුංග මහතා පැවසීය. ඔහුට අද රෝහලෙන් පිටව යාමට හැකියාව පවතින බවද අධ්‍යක්‍ෂවරයා සදහන් කළේය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment