ජනපති තහනම් කළ ග්ලයිෆොසෙට්‌ යළි ඉල්ලා විශේෂ සංද‍ේශයක් කැබිනට්‌ හමුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

ජනපති තහනම් කළ ග්ලයිෆොසෙට්‌ යළි ඉල්ලා විශේෂ සංද‍ේශයක් කැබිනට්‌ හමුවට

මේ වන විට රට පුරා තහනමට ලක්‌ව ඇති ග්ලයිෆොසෙට්‌ වල් නාශකය, සීමිත තත්ත්ව යටතේ යළි භාවිතා කිරීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කර අති විශේෂ සංදේශය අද (18) ඇමැති මණ්‌ඩලය හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙම සංදේශය ඉකුත් 07 වැනිදා අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ජනතාව අතර වකුගඩු ආබාධ හා පිළිකා වැනි බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හා දැඩි පරිසර හානියට ග්ලයිෆොසෙට්‌ වල්නාශක භාවිතය හේතු වන බවට ඇති වූ දැඩි විරෝධය හමුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේදී මෙම වල්නාශකය ආනයනය කිරීම, විකිණීම හා භාවිතය තහනම් කරන ලදී.

යළි ග්ලයිෆොසෙට්‌ ආනයනය කිරීමට අදාළ කැබිනට්‌ සංදේශය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දරන ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්‌ඩල කමිටුවට හෝ ඉදිරිපත් නොකර සෘජුවම ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇතැයි ද මෙම තත්ත්වය දැඩි ගැටලුසහගත බවද පූජ්‍ය අතුරලියේ රතන් හිමියෝ සඳහන් කළහ.

ග්ලයිෆොසෙට්‌ තහනමෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට මීට පෙර පත් කළ රජයේ වල්නාශක හා පලිබෝධ නාශක පිළිබඳ ප්‍රතිපත්තිය යළි සමාලෝචනය කිරීමේ කමිටුව මනා වෘත්තීමය ස්‌වභාවයකින් කටයුතු කර නැති බවද කමිටුව එහි සාමාජිකයන්ට අදහස්‌ දැක්‌වීමට ද සාධාරණ ඉඩක්‌ ලබාදී නැති බවද රතන හිමියෝ පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad